අවුරුද්ද ගම සහ රූපවාහිනිය
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක‍්‍රමනය වීමත් සමගින් උදාවන සිංහල හා හිංදු අලූත් අවුරුද්ද ලාංකේය ජනතාවට අති සුවිශේෂ’ ජාතික උත්සවයක් බව අමුතුවෙන් කිව යුතු නැත. දේශ’ය සංස්කෘතියට ආවේනික උරුමයන් සහ චිරාගත සිරිත් කැටිකොට ගත් බක්මහ මංගල්‍යය නිරන්තරයේනම ජනතාව තුල නැවුම් හැග’ම් ජනිත කරනු ලබයි. බෞද්ධාගමික පරිසරයත් ජෝත’ර් විද්‍යාවේ මහිමයත් මුසු වී නිර්මාණය වන අවුරුදු නැකැත් නැවුම් වසරකට පදනම සකසනු ලබන්නේ ජන හදවත් තුල නොකිළිටි හැග’ම් පුඹුදුවාලමිනි.
වියල’ ගිය කොළ හැලූණු ගහකොළ වලට කිරි වැද’ දළු දමමින් කැකුළු මල් පූදින්නටත් ඒ තුලින් මිහිරි පල හටගන්නටත් බක්මහ කමටහනක් වන බව සියල්ලෝම දන්නා කාරනයකි. ඒ අනුව ගම හා අවුරුද්ද අතර ආත්මීය වූ බැද’මක් පවතින අතර කජු පුහුලන් හා එරබදු මල් ඒ සඳහා සාක්‍ෂි දරයි. අවුරුද්ද හා බැදුණු නැකැත් පිරිසිදු අන්දමින් සිදු කරන්නේ ග‍්‍රාමීය පරිසරයන්හි පමනක් බව එදා සිට පැවත එන පිළිගැන’මකි. එබැවින් බොහෝමයක් නාගරික පරිසරයන්හි ජිවත්වන පිරිස් අවුරුදු අසිරිය විඳ ගැන’මටත් අවුරුද්ද සැමරීමටත් සිය ගම් බිම් බලා පිටත්ව යනු අත’තයේ සිට දැකගත හැකිය.
ඔන්චිලි වාරම්, පංච කෙළි, ගුඩු පැන’ම්, කැට ගැස’ම්, උණ වෙඩි, කැවුම්, කොකිස් සහ අතිරස මෙන්ම කජු හා කොහෝ නාදය සිංහල හා හිංදු අලූත් අවුරුද්දත් සමග ගම තුලින් මතුව එන සාම්ප‍්‍රධායික සංසිද්ධීන් ය. නමුත් මේ සියල්ල පැවතියේ මීට බොහෝ කලකට පෙරද’ වන අතර වත්මන් සමාජය තුල මෙම අවුරුදු මංගල්‍යයේ සිරි අසිරිය විඳින්නට හා දකින්නට ලැබෙන්නේ කලාතුරකින් එහෙමත් තැනක පමනි.
විශ්ව සන්නිවේදනයේ පෙරළිකාර ගමනක නියැලෙන රූපවාහිනිය සිංහල හා හිංදු අලූත් අවුරුද්ද නම් වූ සංස්කෘතික කලා මංගල්‍යය පවා සිය වානිජ අරමුණු වෙනුවෙන් ස’රු මාරුවට භාවිත කිරීමට පුරුදු වී සිටියි. අද දවසේ අවුරුද්ද යනු රූපවාහින’ මාධ්‍ය තුල නිර්මාණය වන තවත් එක් රියැලිටි වැඩසටහනක් බවට පත්ව ඇත. රූපවාහින’ කැමරාවක් ඉදිරිපිට නිර්මාණය කරන කෘතිම ගමක් ඇතුලත නාගරික නිරූපන ශිල්ප’න් ගැමි ගැහැනුන් හා පිරිමින් ලෙස අවුරුද්ද රඟදක්වන අයුරු දකින අවස්ථාවලද’ මුවගට හසරැුල්ලක් නැගෙන්නේ ඒ තුල පවතින ව්‍යාජ බව නිසාවෙන්මය. අනෙක් නාලිකාවන්ට වඩා සරුවට තමන්ගේ නාලිකාව තුල අවුරුදු සිරිත් හා නැකැත් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත්කොට පේ‍්‍රක්‍ෂක අවධානය දිනා ගැන’මටත් අවුරුදු සමය තුල සිය නාලිකාවේ ඍ්එසබටි ඉහළ දමා ගැන’මටත් පොරකන ලාංකේය රූපවාහින’ මාධ්‍ය කලාව අද වන විට පත්ව තිබෙන තත්ත්වය දෙස බලන විට ඇතිවන්නේ සංවේගයක් පමනි.
කෙසේ හෝ වේවා හරි හෝ වැරදි පවතින ක‍්‍රමයට අනුව හැඩගැස’මට ජනතාවට ද සිදුව ඇත. එබැවින් සිංහල හා හිංදු අලූත් අවුරුද්ද නම් වූ අති සුවිශේෂ’ සංස්කෘතික කලා මංගල්‍යයෙහි සැබෑ අරුත කැමක්දැයි යන්න දැනගැන’මට රූපවාහින’ තිරයක් ඉදිරිපිටට වී දෑස් දල්වා බලා සිටින්නට මෙරට ජනතාවට සිදුව තිබේ. එය එසේ විය යුතුදැයි අප අපෙගෙන්ම ප‍්‍රශ්න කළ යුතුය.
අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment