Monday, April 6, 2015

ශ්‍රී ලංකාවේ කෝපි වගාව.
 
                            වර්ෂ 1503 දී අරාබි ජාතිකයන් විසින් කෝපි වගාව මෙරටට හඳුන්වා දී ඇත. නමුත් ඕලන්ද ජාතිකයන් 1658 දී කෝපි වගාව ආරම්භ කරන ලදී. කෝපි වගාව ලාභදායක වගාවකි.
රුබියාගේ කුලයට අයත් කොපියා ගනයේ විශේෂ 60ක් පමණ ඇත. මෙයින් ආර්ථික වැදගත්කමින් යුක්ත විශේෂ නම් කොපියා ඇරබිකා, කොපියා කැනිපෝරා, කොපියා ලයිබේරිකා වේ.
 
                             කෝපි අතුරු බෝගයක් ලෙස වගා කල හැක. එසේ නැතිව තනි තනිව වගා කරන්නේ නම් 3*3m වනසේ පඳුරු සහිත කෝපි පැල 1100ක් හෙක්ටයාරයක වගා කල හැක. කොම්පෝස්ට් පොහොර හෝ ගව පොහොර එක්කර රොක් පොස්පේට් 100g ක් එක් වලකට මිශ්‍ර කර වැසි ලැබීම ආරම්භයත් සමඟ පැල සිටුවීම ආරම්භ කල හැක.
 
                             සාමාන්‍යයෙන් කෝපි බෝගයේ ඵල හටගැනීම, සිටුවා අවු.2කින් පමණ ආරම්භ වේ. හොඳ පාලන තත්ත්වයක් යටතේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් 1000-1500kg අතර වේ. නිෂ්පාදිත කෝපි වල ගුණාත්මය අපනයන වෙළදපොල තීරණය කරයි. මේ නිසා පරිණත හොඳ ගෙඩි පමණක් නෙළා ගැනීමෙන් කෝපි වල ගුණාත්මය වැඩි වේ.
 
                           කෝපි අස්වනු නෙලීම චාරිත්‍රානුකූලව කල යුතුය. මේ නිසා හොදින් ඉදුනු ගෙඩි පමණක් වේළා ගැනීම කල යුතුය. බාගෙට ඉදුනු හා අමු ගෙඩි නෙලා ගත හොත් ඒවා වෙනම සැකසීම කල යුතුය. ඉදුනු කෝපි ගෙඩි පොතු හැර පියල්ලේ ඇති නානු සහිත පොත්තද ඉවත් කර හොදින් වියළා ගත් කෝපි ඇට බැඳ කුඩුකර ගැනීමෙන් පසු හොදින් උතුරුවා ගත් ජලය සමඟ මිශ්‍ර කර විවිධ රසකාරක සමඟ හෝ තනිව පානයට ඉතාම සුදුසුයි. කෝපි ඇට හොඳින් වියළා දිගු කලක් ගබඩා කර තැබිය හැක. ඒවාගේම විශිෂ්ඨ ගනයේ අපනයන බෝගයකි.

                                                                           -අමිල නුවන්-

1 comment: