Tuesday, March 31, 2015

අන්තර්ජාල අපරාධ සිදුවන අයුරු

kln.ac.lk

අන්තර්ජාල අපරාධ සිදුවන අයුරු

මෙරට බලපවත්වන සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව නිරුවත හෝ අඩනිරුවත m%o¾Ykh කිරීම එම සංස්කෘතියට අනුව හැඩ ගැසී ඇති මෙරට ජනතාව අනුමත කරන්නේ නැත. එබැවින් එබඳු දර්ශන චිත්රපටවලට පවා ඇතුළත් කර තිබූ අවස්ථාවලදී එම දර්ශන පවා වාරණය කිරීමට සිදුවිය. පසුගිය සති කිහිපය තුළදී යළිත් මෙම ප්රශ්නය කරළියට පැමිණියේ වෙබ් අඩවි කිහිපයකටම නිරුවත් සහ අඩනිරුවත් දර්ශන එක්කර තිබුණ බැවිණි.  
සුපුරුදු පරිදි ජන සමාජය තුළින් මතුවූ විරෝධය හේතුවෙන් බලධාරීන්ට එම අසභ්‍ය වෙබ් අඩවිවලට සහ එම වෙබ් අඩවිවල කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙනී සිටි තරුණියන්ට එරෙහිව පියවර ගැනීමට සිදුවිය. මෙලෙස පියවර ගැනීම මෙරට ජනතාවගේ සාතිශය බහුතරය විසින් අනුමත කළත් කිහිප දෙනකු කනින් කොනින් එම පියවරයන්ට එරෙහිව විවිධ චෝදනා ඉදිරිපත් කරන අයුරු අපට දැකගත හැකි විය. මෙම පිරිස මෙම අවස්ථාවේදී පමණක්නොව මීට පෙර සමහර චිත්රපටවල දර්ශන තහනම් කළ අවස්ථාවලදීත් ඊට එරෙහිව විවිධ අදහස්ප්රකාශ කර තිබෙන අයුරු අපට දැකගත හැකි විය.
ශී‍්‍ර ලංකාව තුල දැනට අසභ්‍ය දර්ශන ඇතුළත් කර පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි එක්දහස් පන්සියයක් පමණ ප‍‍්‍රමාණයක් තහනම් කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසනවා. පසුගිය දින කිහිපය තුළ දී ද එවන් වෙබ් අඩවි හතරක් තහනමට ලක් කළ බව ඒ මහතා සදහන් කලා. කෙසේ වෙතත් එවන් එක් වෙබ් අඩවියක් තහනම් කරන විට තවත් ගණනාවක් පටන් ගන්නා බවද පවසන ඒ මහතා ඒ නිසා ම ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන එම වෙබ් අඩවි වාරණය කිරීම ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇතැයි ද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
ලංකාව තුළ පමණක් නොව ලොව පුරාම සිටින ඇතැම් පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි දස දහස් ගණනින් අන්තර්ජාලය තුළ තිබෙනවා. එහි වැඩිම හානිය වන්නේ පාසල් දරුවන් ද ඒවා නැරඹීමට හුරු වී සිටීමයි. අසභ්‍ය වෙබ් අඩවි හා ගණිකා වෘත්තිය ආදී සමාජ ගැටළු පිළිබදව ලෝකයේ විවිධ රටවල් දරන්නේ මිශ‍්‍ර අදහස්. ආසියානු රටවල් වැඩිපුරම සමාජ සංස්කෘතිය හා ආගම පෙරදැරිකොට ගෙන සිටින රටවල් බැවින් ඔවුන් මේවාට තදබල ලෙස විරුද්ධ වනවා. නමුත් බොහෝ බටහිර රටවල් ලිංගික අධ්‍යාපනය මෙන්ම පුද්ගල අසහනයන්ට ඇති වඩාත් සුදුසුම විසදුම් ලෙස මේවා නීතිගත කොට තිබෙනවා. නමුත් කිසිදු ආකාරයකින් දරුවන්ට හානියක් නොවන්නට ඔවුන් වගබලා ගන්නවා.
කෙසේ නමුත් ලංකාව තුළ අසභ්‍ය වෙබ් අඩවි පවත්වාගෙන යාම තහනම් වන අතර එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අදාල නීති රීති සැකසී තිබෙනවා.
ශී‍්‍ර ලංකාවේ දූෂිත දේවල් අන්තර්ජාලයේ දැකීම තරමක් සීමාසහිත වුව , ශී‍්‍ර ලංකාවට හානි ගෙනදෙන පරිදි ශී‍්‍ර ලාංකිකයන් ලෙස නම්කර විවිධ යුරෝපීය කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට ඇතුලත්කර තිබීම, රටේ සංස්කෘතියට ඕනෑකමින්ම හානිකිරීමේ අරමුණින් කර ඇති බව මෙරට සංස්කෘතික කටයුතු අමාතයාංශය. එමෙන්ම මෙරට නළු නිළියන්ගේ විවිධ විගඩම් ඇතුළත් දර්ශන කිහිපයක් අන්තර්ජාලයේ සැරිසැරීම රටට හිතකර නොවේ. කෙසේ වුවත් මෙරට ඇතැම් ගැහැනු මිනිසුන් පෙනී සිටින අසභය වෙබ් අඩවි අන්තර්ජාලයේ සැරිසරන බවත් ඒවාට පෙනී සිටින පුද්ගලයන්ව අල්ලා ගැනීමට ආරක්ෂක අංශ පරීක්ෂණ කරන බවත් වාර්තා විය.  
ළමයකු නැරඹීම සඳහා B.B.C සේවය වෙත හෝ යමෙකු මෝටර් කාර් නැරඹීම සඳහා B.M.W රථ තෝරා ගැනීමේ දී යම් ආකාරයකින් එක් අකුරක් හෝ jeroshg එබුනොත් පිවිසිය හැක්කේ, කිසිවෙකුත් බලාපොරොත්තු නොවන තරම් දූෂිත වෙබ් අඩවියකටය. එවැනි දේ ලොවපුරා සෑමතැනම සිදු වී ඇත. සිදුවිය හැක. අන්තර්ජාලයෙන් හඳුනාගන්නා මිතුදම් කෙලවර වන්නේ එවැනි දෙයකින් විය හැක. තවදුරටත් අප නූගතුන් විලසින් අන්තර්ජාලයෙන් රටට හානියක් වන තෙක් බලාසිටිය යුතු යන්න විමසිය යුතුය. ශී‍්‍ර ලංකාවේ පාසල්වල School net කියා වෙබ් අඩවියක් ඇත. නමුත් හරහා අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසිය හැකි බවට දැක්වේ.  
රජය වැඩිහිටියන්ට පමණක් වූ සිනමාපට නාමිකව තහනම් කරන ලදී. නමුත් අන්තර්ජාලය මගින් අසභ්‍ය දර්ශන කුඩා කොලුකුරුට්ටාගේ සිට මහල්ලා දක්වා සැමට මොහොතක් මොහොතක් පාසාම නැරඹිය හැක. දැනට දශකයකට පමණ පෙර වැඩිහිටියන්ට පමණක් වූ සිනමාපට සඳහා බහුලව තරුණ කොටස් ඇදි ගියත්, අන්තර්ජාලය පැමිණි පසු වැඩිහිටියන්ට පමණක් වූ සිනමාපට සඳහා බහුලව මැදි වයසේ හා මහලු පිරිමි සිනමාහල් කරා ඇදීයන බව පෙනීයන්නේ, තරුණ කොටස් එම අවශ්යතාවය අන්තර්ජාලයෙන් ඉටුකරගන්නා හෙයිනුත්, මහල්ලන් බහුතරය අන්තර්ජාලයේ ඇති දෙය නොදන්නාකම හෝ එය භාවිතා කිරීමේ නොහැකියාවක් ඇති පිරිසක් බව පෙනෙනා හෙයිනි.
මෙයට ගතහැකි පිළියම කුමක්ද ? කළයුතු දේ නම් අන්තර්ජාල සබඳතා මෙරටට වැදීම නතර කිරීමයි. දෙවනුව අසභ්‍ය දර්ශන සියල්ල ශෝධනය කර අන්තර්ජාල සේවාව මෙරටට ගෙන්වා ගැනීමයි. දැනටත් බහුතරයක් මුස්ලිම් රටවල් එය කරන අතර Face Book වෙබ් අඩවිය තහනම් කිරීමට පකිස්තානය ආදී රටවල් පියවරගෙන ඇත. තවද අන්තර්ජාල පහසුකම් අවශයම නම්, ගොන්නුන්ට පුන්නක්කු ලබාදෙන්නාක් මෙන් එය රටේ සෑම තැනම ව්යාප්ත නොකර, අධ්යාපන ආයතන, සරසවි ආදියට පමණක් ශෝධනය කළ අන්තර්ජාල සේවයක් ලබාදිය යුතුය.

                                                                                           සටහන - අමිල නුවන් මධුසංඛ

1 comment: